පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ 05 සිට රුපියල් හත් ලක්ෂ 20,000ක් දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා.
ඒ, මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන්.
පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් මෙම යෝජනාව සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ඒ අනුව එම යෝජනාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සැලසීම, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීම සහ මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම යන සංශෝධන ඊට අයත්.