තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තවිසින් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ, අධිකරණ නියෝගයක් මතයි.
මෙම අධිකරණ නියෝගයත් සමග වසර 16ක් තුළ සිය ධුරය අහිමි වූ සිව් වැනි තායිලන්ත අගමැතිවරයා ඔහු වනවා.
සිරගතව සිටි පුද්ගලයෙක්ව අමාත්‍යවරයෙක් ලෙස පත් කිරීම හේතුවෙන් ඔහුට එම අධිකරණ නියෝගය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ හේතුවෙන් එරට පාලක සන්ධානයද දේශපාලන පෙරළියකට මුහුණ දී ඇති බවට සඳහන්.
අදාළ පෙත්සම විනිසුරුවරුන් පස් දෙනෙකු යටතේ සළකා බලා තිබෙනවා.
එම විනිසුරුවරුන් 05 දෙනාගෙන් සිව් දෙනෙක්ම ශ්‍රේත්තා තවිසින්ව අගමැති ධුරයෙන් ඉවත්කළ යුතු බවටයි තීරණය කර ඇත්තේ.
ඒ තම රාජකාරිය අවංකව ඉටු කිරීමට අගමැතිවරයා අපොහොසත් වී ඇති බවට පවසමින්.
ඔහු එම තනතුරේ කටයුතු කර තිබුණේ වසරකට වඩා අඩු කාලයක් වීම විශේෂත්වයක්.
ඒ අනුව නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා තායිලන්ත පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු වනවා.