ජාතික කොංග්‍රසය පක්ෂයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබෙනවා.
එමෙන්ම දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සිය සහය ලබාදෙන බවටයි දැනුම් දී ඇත්තේ.
ඔවුන් ජනාධිපතිවරයා හමු වී සිය තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.