2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හේතුවෙන් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය ආශ්රිතව මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා.
පෙරවරු 08ට ආරම්භ වූ මෙම රථවාහන සැලැස්ම සවස 02 දක්වා ක්රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ශ්රී ජයවර්ධනපුර මාර්ගය, ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ දක්වා කොටසේ ගමනාගමනය සීමා කර තිබෙනවා.
වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා පරණ පාර කොටසේද වාහන ගමනාගමනය සීමා කරන බවයි පොලීසිය පැවසුවේ.
ගමනාගමනය සීමා වන මාර්ග හා විකල්ප මාර්ග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.