ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනිවාර්ය නොවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
ඒ, මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාපය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
දෙවන මනාපය ගණනය කිරීම සහ එහිදී ජයග්‍රාහකයා තෝරා ගන්නා ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.
මෙවර ජනාධිපතිවරණයේ ඇති විශේෂතා මෙන්ම මනාප සළකුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කරන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහභාගී වූ මෙම සම්පූර්ණ වැඩසටහනේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.