Monday, November 18, 2024

General line - 0115112241

ඡන්දයක් ළඟ පාසල් පද්ධතියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්




අද දිනයේ සිට දිවයින පුරා පාසල්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ සහ සියලුම අධ්‍යාපන ආයතනවල තනතුරු 30ක පමණ අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ මින් පෙරද අවස්ථා කිහිපයකදී වෘත්තීය සංගම් මගින්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුවත් තම ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් මෙලෙස නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බවයි.

සැප්තැම්බර් 30 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද සත්‍යග්‍රහයක නිරත වීමට නියමිතයි. 

ඒ, සම සෞඛ්‍ය උපාධීධාරීන් වහා සෞඛ්‍ය සේවයට බඳවාගෙන සීමාවාසික පුහුණුව ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.