Monday, November 18, 2024

General line - 0115112241

ඇප බැන්ද 40න් ජනපති සටනට 39යි - හිමිවරු දෙනමයි - කාන්තාවක් නෑ




2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම ඊයේ අවසන් වන අවස්ථාවේ ඇප තැන්පත් කර තිබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 40ක්.

එහෙත් අද දිනයේ සරත් කුමාර ගුණරත්න නාම යෝජනා භාර නොදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඔහු ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබුණේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. 

2024 ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් 39 දෙනා, පිළිගත් දේශපාලන පක්ෂ 22කින්, වෙනත් දේශපාලන පක්ෂයකින් හා ස්වාධීන අපේක්ෂකයින් 16ක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වනවා.

මෙම අපේක්ෂකයින් අතරට කිසිදු කාන්තාවක් ඇතුළත් නොවන අතර හිමිවරුන් දෙදෙනෙකුද නාම යෝජනා ලබා දී තිබෙනවා.