ඉන්දියාවේ කොල්කටාහිදී පුහුණුව ලබන වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව එරට ඇති වූ විරෝධතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඒ, බටහිර බෙංගාල ප්‍රාන්තයේ කාන්තාවන් දස දහස් ගණනක් ඊයේ රාත්‍රියේ වීදි බැස විරෝධතාවයේ යෙදීමත් සමගයි.
දිගින් දිගමට පැවති විරෝධතාවන්හි උච්චතම අවස්ථාවක් ලෙස ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව සැලකෙන්නේ.
පසුගිය සිකුරාදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟ සතියකට ආසන්න කාලයක් ඉන්දියාවේ විරෝධතා පැවැත්වුණා.
වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබමින් සිටි ඇය පැය 36 ක අඛණ්ඩ වැඩ මුරයකින් පසු, ඇය ඉගෙනුම ලබන වෛද්‍ය විද්‍යාලයට අයත් සම්මන්ත්රණ කාමරයක නින්දට වැටී තිබුණා.
පසුදා උදෑසන ඇගේ අඩ නිරුවත් සිරුර සොයා ගැණුනේ වෛද්‍ය විද්‍යාලය පරිශ්‍රයේම තිබියදීයි.
පසුව විරෝධතා ආරම්භ වූ අතර එක් විරෝධතාවකට ඉන්දීය වෛද්‍යවරු ලක්ෂ තුනකට වැඩි පිරිසක් එක්ව සිටියා.