මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම ඊයේ අවසන් වූ අතර එහිදී ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 40ක්.
එහෙත් අද දිනයේ සරත් කුමාර ගුණරත්න නාම යෝජනා භාර නොදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඔහු ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබුණා.
අපේක්ෂයින්ගේ නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම වෙත විරෝධතා තුනක් ඉදිරිපත් වී තිබෙනවා.
එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ බලධාරීන් පියවර ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නිවේදනය කළේ.