විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 53 වන වියේ පසුවුණා. ප්‍රදීප් අනුර කුමාර මහතා වසර 30ට අධික කාලයක් විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ පුද්ගලයෙක්.
අභාවප්‍රාප්ත වන විට ඔහු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක සිට සේවයකරමින් සිටියා.
අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා කොටුගොඩ, පොදුසුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.