Monday, November 18, 2024

General line - 0115112241

බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහය රනිල්ට




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එලෙස ජනාධිපතිවරයාට සහය පළ කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රාහුමාන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස් එම් එම් මුෂාරෆ් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් යන මහත්වරුන් තිදෙනායි.

අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළා.