Monday, November 18, 2024

General line - 0115112241

සජිත්ට සහය දෙන්න බදුර්දීන් ගිවිසුම්ගත වෙයි




මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද සමගි ජන සන්ධානය සමග ගිවිසුමකට එළඹුණා.

සමගි ජන සන්ධානය වෙනුවෙන් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඊට අත්සන් තැබුවා.

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණයකට එළඹුණේ ඊයේ දිනයේදීයි. 

මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රාහුමාන්, නීතිඥ එස් එම් එම් මුෂාරෆ් සහ අලි සබි්‍ර රහීම් එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව අද ප්‍රකාශ කළා.

අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව කියා සිටියා.