ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන මැතිවරණය සඳහා සහභාගි වීමට නියමිතව සිටි අපේක්ෂකයන් 136 දෙනෙකුට මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, නාමයෝජනා දිනය මගහැරීම හේතුවෙන්. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම අපේක්ෂකයන් සියලු දෙනා ලිබරල් පක්ෂය නියෝජනය කරන බවයි.
එරට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රමාද වූ නාමයෝජනා පිළිගැනීමට හෝ නියමිත කාලය අවසන් වූ පසු ඉදිරිපත් කරන ලද ආකෘති පත්‍ර වෙනස් කිරීමට ඉඩ නොදෙන බවයි.
නියමිත වේලාවට අදාළ ලේඛන සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ලිබරල් පක්ෂ අධ්‍යක්ෂ රිචඩ් ෂීල්ඩ්ස් සමාව ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වන බවයි වාර්තා වන්නේ.
ඕස්ටේ්‍රලියාවේ ප්‍රධාන මැතිවරණ විශ්ලේෂකයෙකු පැවසුවේ අපේක්ෂකයන් 136 දෙනෙකුට එලෙස අවස්ථාව නොලැබීම හේතුවෙන් එම පක්ෂයට ආසන 50ක් පමණ අහිමි වීමට ඉඩ ඇති බවයි.
එය එරට ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදුවූ දැවැන්ත අත්වැරදීම ලෙසයි හඳුන්වා ඇත්තේ.