Sunday, November 17, 2024

General line - 0115112241

තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය තායිලන්ත අගමැති පුටුවට




තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය පේටොංටාර්න් ෂිනවත්‍රා තායිලන්ත අගමැතිවරිය ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ එරට පාර්ලිමේන්තුව විසින් ඇයගේ නාමයෝජනාව තහවුරු කිරීමෙන් අනතුරුවයි.

පේටොංටාර්න් ෂිනවත්‍රාගේ ෆිව් තායි පක්ෂය සහ එහි හවුල්කරුවන්ට පාර්ලිමේන්තුවේ ආසන 314ක් හිමිවී තිබෙනවා.

ඇයට  අග්‍රාමාත්‍ය ධූරය දැරීමට වත්මන් නීති සම්පාදකයින් 493න් හරි අඩකට වඩා අනුමැතිය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇය මෙලෙස අගමැති ධුරයට පත්ව ඇත්තේ හිටපු අගමැතිනි ශ්‍රේත්තා තවිසින් ධුරයෙන් පහ කිරීමට අධිකරණය විසින් නියෝග කිරීමත් සමගයි. 

ඒ අනුව 37 වන වියේ පසුවන පේටොංටාර්න් ෂිනවත්‍රා එරට ලාබාලතම අගමැතිනිය වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇය කෝටිපති තක්ෂින් ෂිනවත්‍රාගේ බාල දියණිය වනවා.

ඇගේ පියාට සහ නැන්දනියට පසුව අගමැති ධුරය දැරූ ෂිනවත්‍රා පවුලේ තුන්වන සාමාජිකයා වන්නේ පේටොංටාර්න් ෂිනවත්‍රා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.