මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 437ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ජූලි 31වනදා සිට පසුගිය 14 වනදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.
ඉන් පැමිණිලි 267ක් නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
සෙසු පැමිණිලි 170 ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.