ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා අද එක් වුණා.
කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නා.
එම අවස්ථාවට අමාත්‍ය කංචන විජේසේකර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ද එක්ව සිටියා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ එච් එම් ෆවුසිද ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට අද එක්වුණා.
එමෙන්ම ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අද අත්සන් තැබුණා.
ඒ, බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදීයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
කුමන අපහසුතා පැවතියද පසුගිය කාලයේ ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.