සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි මාලාවේ පළමුවැන්න අද පස්වරුවේ ආරම්භ වුණා.
ඒ, කුරුණෑගල නගරයේදීයි.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමි කරගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දූෂණයෙන් තොර රාජ්‍යයක් තමන් විසින් ඉදිරියේදී බිහි කරන බවයි.
තමන්ට සහය දැක්වීමට සමගි ජන බලවේගය හා එක්වූ කිසිදු මන්ත්‍රීවරයෙකු වරදාන වරප්‍රසාද ඉල්ලා නොසිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.