ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ආගමික වතාවත්වල නිරත වුණා.
පළමුව මීරිගම, මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණි මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
මේ, ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :්භඹඍ් 01*
ඉන් අනතුරුව මහනුවරට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මල්වතු මහා විහාරයට පැමිණියා.
එහිදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර මහනුවරට පැමිණි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද අද අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
එහිදී ඔවුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මහා සංඝරත්නය විසින් එහිදී පිරිත් සජ්ඣායනය කර ඔවුන්ට ආශිර්වාදය පළ කළ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.