Sunday, November 17, 2024

General line - 0115112241

අයර්ලන්තයට එරෙහිව විශ්මි ගුණරත්න එක්දින මංගල ශතකය වාර්තා කරයි 




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු රැස් කළ එක්දින ශතකයට පසු ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට විශ්මි ගුණරත්න අද සමත් වුණා.

ඒ, අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවති පළමු එක්දින තරඟයේදීයි.

එහිදී ලකුණු 101ක් රැස් කළ විශ්මි ගුණරත්නගේ මංගල ශතකයද මෙය වනවා.

18 හැවිරිදි වියේ පසුවන ඇය රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණේ එක්දින ශතකයක් වාර්තා කළ ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි.

අයර්ලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස් කළා.