මැතිවරණය හා මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්වන විශේෂ දේශනයක් කොළඹදී අද පැවැත්වෙනවා.
ඒ සම්මානනීය ඉන්දීය මාධ්‍යවේදියෙකුවන රාජ් චෙන්ගප්පා මහතාගේ ප්‍රධානත්වයෙන්.
එය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය විසින්.
මෙහි ප්‍රධාන දේශනය පවත්වන රාජ් චෙන්ගප්පා මහතා ලොවප්රකට " ඉන්දියා ටුඩේ" සඟරාවේ ප්‍රධාන සංස්කාරක මණ්ඩලයේ අධ්යක්ෂවරයායි.
පසුගියදා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණය පිළිබඳවද ඔහු සුවිශේෂී අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙක්.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළව මාධ්‍ය භාවිතය සහ අනුශාංගික කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
රාජ් චෙන්ගප්පා මහතාට අමතරව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා සහ මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද මෙහි මූළාසනයේ සාමාජිකයන් වනවා.