Sunday, November 17, 2024

General line - 0115112241

රජයේ අතිරික්ත සේවකයන් වෙනුවෙන් මාලිමාව අලුත් වැඩකට අත ගසයි




ඉදිරි ජනාධිපතිවරණයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණ කරන බවට මේ වන විටත් තහවුරු වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

කුරුණෑගල පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියා.  

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට වෙනත් කිසිදු පක්ෂයකින් අභියෝගයක් නොමැති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, දේශපාලන පත්වීම් ලබා දී ඇති කිසිදු සේවකයෙක් සිය රජයක් යටතේ ඉවත් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. 

එම සේවකයින් ඵලදායී ලෙස රාජකාරී සඳහා යොදා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවයි කොළඹ පැවති විද්වත් හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.