සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ජය ගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 260ක්.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න පන්දු 98කදී ලකුණු 101ක් රැස් කළා.
ඇයගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 09ක් ඇතුළත් වුණා. විශ්මි ගුණරත්නගේ එක්දින මංගල ශතකය මෙය වනවා.
හසිනි පෙරේරා ලකුණු 46යි. නායිකා චමරි අතපත්තු කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
සෙසු ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 20 සීමාව පසු කර යාමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ඕර්ලා ප්රැන්ඩෙගාස්ට් ලකුණු 25කට කඩුලු 03ක් බිඳ හෙළුවා.
ජයග්‍රාහී ලකුණු 261ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී තරඟය ජය ගත්තා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඕර්ලා ප්රැන්ඩෙගාස්ට් පන්දු 107කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්.
පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳ හෙළුවා