මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු සිය කොමිෂන් සභාව අපේක්ෂා කළ අයුරින් සිදුව නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මැතිවරණයකට තරග කිරීමට මුදල් වැය කිරීමට අවශ්‍ය වුවද ඒවාට යම් සීමාවන් පැවතිය යුතු බවයි කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ.