Sunday, November 17, 2024

General line - 0115112241

සජිත්ට සහ අනුරට අනුරපුරදී ජනපතිගෙන් අභියෝගයක්




ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ පළමුවැන්න අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ එම ජන රැළියට “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට ඊයේ දිනයේ අත්සන් කළ පක්ෂ 34හි නියෝජිතයින්ද එකව සිටියා.

මේ, එම රැලිය ඇමතූ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එහිදී අදහස් පල කළා.

 

මේ, රැලිය ඇමතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන.

ඉන් අනතුරුව රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වූයේ සියලු පාර්ශව එක්කර ගනිමින් රට රැකීම සඳහා බවයි. 

 

වර්තමානයේ රට ගැන කරුණු කියන දේශපාලන නායකයින් කිසිවෙකු රටේ ආර්ථිකය කඩාවැටී තිබූ අවස්ථාවේ වගකීම් භාර නොගෙන පලා ගිය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

 

මේ අතර අනුරාධපුරයට අද පෙරවරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

ඉන් අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත වුණා.