ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද එක්වුණා.
ඒ, විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන රැලියේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂ නායකවරයාට සහාය පල කරමින් එක්වන බව නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් මීට පෙර පළමු වරට අනාවරණ කළා.
මේ අතර අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා අද එක් වුණා.
ඇය සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගනු ලැබුවා.
මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු තැනැත්තා චංචලා ගුණවර්ධන වනවා.
සමගි ජන බලවේගයේ තවත් ජන රැලියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම නගරයේදී අද පෙරවරුවේ පැවැත් වුණා.
එහිදී අදහස් පල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේ රටේ ජනතාව මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටින බවයි.
මෙවර ජනාධිපතිවරණයේදී රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්නා බවයි රැලිය ඇමතූ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.