Sunday, November 17, 2024

General line - 0115112241

බලයට ආ පසු අනුර කරන්න යන තවත් වැඩක් මෙන්න




පාසල් උපකරණ සඳහා පනවා ඇති බදු සිය ආණ්ඩුව පත් වූ වහාම ඉවත් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම අඩු මිලකට ගුණාත්මක ඖෂධ ජනාතාවට ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ද සකස් කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

බදු එකතු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවා.

 

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන ජන රැළි මාලාවේ තංගල්ල නගරයේ පැවති පළමු ජන රැලියට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.