Sunday, November 17, 2024

General line - 0115112241

ජනපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 39 දෙනාගෙන් වැඩි පිරිසක් තවමත් ඉබි ගමනේ




ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වුවද මෙතෙක් සිය මැතිවරණ කටයුතුවල නිරතව සිටින්නේ අපේක්ෂකයින්   06 දෙනෙකු පමණ බව පැෆරල් සංවිධානය පවසනවා.

කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක වියදම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට අනුගතව කටයුතු කිරීම සියලු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ.