අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.
දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවලට බලපාන වැසි තත්ත්වය සහ සුළං තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මෙලෙස කරුණු පැහැදිලි කළා.
දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ එම නිවේදනය අද පස්වරු 04 දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.