සියලු දෙනාම එකතු කර ගනිමින් රට ගොඩ නැගීමේ ජාතික ප්‍රතිපත්තිය සමගි ජන බලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා සියලුම ජනතාවගේ සහයෝගය සමගි ජන බලවේගයට ලබාදෙන ලෙසයි.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්වන්නේ තනතුරු වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ.