Sunday, December 29, 2024

General line - 0115112241

මාසයකට පසුව  බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල යලි  විවෘතවෙයි 




විරෝධතා හේතුවෙන් මාසයකට පසු වසා දමා තිබූ බංග්ලාදේශයේ  පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත කර තිබෙනවා 

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පසුගිය දා පැවති උද්ඝෝෂණයේදී ඇති වූ ගැටුම් හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බංග්ලාදේශයේ අධ්‍යාපන ආයතන ජුලි 17 වනදා දින නියමයක් නොමැතිව වසා දමා තිබුනා.

ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස්ගේ උපදෙස් අනුව මාසයකට වැඩි කාලයක් වසා දැමීමෙන් පසු බංගලාදේශය අගෝස්තු 18 වන දින රට පුරා විශ්ව විද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන නැවත විවෘත කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ නිල ඇඳුමින් සැරසුණු පාසල් සිසුන් තම පාසල වෙත යන අයුරු දැකගත හැකි වූ අතර, බොහෝ දෙනා භාරකරුවන් ද කැටුව පාසල වෙත පැමිණ තිබු බවයි.