Sunday, December 29, 2024

General line - 0115112241

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්




ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. 

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක්. 

මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් වන අතර ග්‍රෑම් 425 ක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වනවා. 

එමෙන්ම ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක්. 

අදාළ මිල ගණන් අද සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.