සිය ප්‍රතිපත්ති රටට ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ විවාදයට පැමිණෙන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති අපේක්ෂකවරුන් කිහිප දෙනෙකු එකඟතාව පල කර ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇති බවද පවසා සිටියා .
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන එම විවාදය සැප්තැම්බර් 07 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඊට ජනාධිපති අපේක්ෂකයින් 06 දෙනෙකුට ආරාධනා කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 566ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් පැමිණිලි 542ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළවයි. ප්රචන්ඩ ක්‍රියාවලට අදාළව එක් පැමිණිල්ලක් ද වෙනත් පැමිණිලි 23ක් ද ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මුළු පැමිණිලි 566න් 311ක්ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.