පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
සිසුන් විශාල පිරිසකට එම අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමුවරටයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මගපෙන්වීම යටතේ එම කටයුතු සිදු කෙරුණා.
මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළදී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් එක්වූ මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි.
එමෙන්ම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පැවැත් වුණා.
එහි අරමුණ වූයේ රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් එම සැසිවාර පැවැත්වුණා.
ඊට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර ඇතුළු පිරිසක් ද එක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ප්රජාතන්ත්රවාදී ව්‍යුහය, පාර්ලිමේන්තුව හා පුරවැසියා අතර සම්න්ධතාව, පරිපාලනය හා කාර්යභාරය යන තේමාවන් යටතේ එහිදී සිසු දරුවන් දැනුවත් කිරීමේ දේශනද පැවැත් වුණා.