Sunday, November 17, 2024

General line - 0115112241

පක්ෂ බේදයෙන් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් කියයි




පක්ෂ බේදයෙන් ඉවත් විය යුතු බවට සමාජයේ පවතින බලපෑමද සැලකිල්ලට ගනිමින් මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව මෙම අවස්ථාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හොඳම සළකුණ ලෙස ගෑස් සිලින්ඩරය තෝරාගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ “ආස්ක් රනිල්” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.