Sunday, November 17, 2024

General line - 0115112241

ළංගම බස් රථයක ගැටුණු පා පාපැදිකරු මිය යයි

සම්පත් කුලරත්න




අද උදෑසන හතයි තිහට පමණ පානදුර නගර මධ්‍යයේදී ලංගම බස් රථයක ගැටුණු පාපැදිකරුවකු මියගොස් තිබෙන බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

අනතුරෙන් බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසුව ඔහු මිය ගොස් ඇති බවයි පානදුර දකුණ පොලිසිය පවසා සිටියේ 

බස් රථය නෑබඩ සිට කොළඹ දක්වා ධාවනය වූ අතර බස් රථය පානදුර නගරයට ආසන්නයේදී මාර්ගය හරහා ගමන් ගත් පාපැදිකරුවෙකු එකවරම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවි තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරන්නේ බස් රථයේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ පාපැදිකරු ද  අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා පාපැදිය ගමන් කොට ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

බස් රථයේ පැදවූ රියදුරු පානදුර දකුණ පොලිස් භාරයට ගෙන ඇති අතර පානදුර දකුණ පොලිසියේ රථවාන අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.