ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි ගණන 666ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 35ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායකගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ.
එම පැමිණිලි 35ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළ ඒවායි.
මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි 666න් 643ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වන අතර වෙනත් පැමිණිලි 23ක් ද ඒ අතර වෙනවා.
මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.