රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බව එම සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසනවා.
ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141 සහ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක ලාභයක් පසුගිය වසරේදී උපයා ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම කරුණු අනාවරණ කෙරුණේ මෙවර යල කන්නයේ සහ ඉදිරි මහ කන්නයේ පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි.
පොහොර සමාගම් දෙකක් වශයෙන් පැවති එම සමාගම් දෙක මෙම වසරේදී රාජ්‍ය පොහොර සමාගම ලෙස ඒකාබද්ධ කරනු ලැබුවා.