කමලා හැරිස් ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීම සිය දේශපාලන දිවියේ ගත් හොඳම තීරණය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
චිකාගෝහීදි ආරම්භ වූ ඩිමොක්රටික් පක්ෂ ජාතික සම්මේලන අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජනාධිපති සටනෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු ජෝ බයිඩ්න් සිය පාක්ෂිකයින් අමතන අවසන් අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.
තමන් අමෙරිකාව වෙනුවෙන් උපරිම දේ සිදුකල බවද ජෝ බයිඩ්න් එහිදී කියා සිටියා.
එම අවස්ථාවේ හැඟුම්බර වූ අමෙරිකානු ජනාධිපතිවරයා සිය දියණිය විසින් වැළඳගත් අතර, ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් එහිදී ජෝ බයිඩ්න් වෙත කෘතගුණ දක්වමින් ආචාර කිරීම බොහෝ දෙනාගේ අවදානය දිනාගත් කරුණක් වුණා.
එහිදී පක්ෂ සම්මේලනය අමතමින් කමලා හැරිස් ප්රකාශ කළේ තමන් සැමවිටම ජෝ බයිඩ්න්ට ණය ගැති බවයි.