පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගෙවීමට නියම කෙරුණු රුපියල් මිලියන 100 මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා අවසන් කර තිබෙනවා.
ඔහුගේ නීතිඥවරුන් පවසන්නේ ඉකුත් 16 වනදා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 12ක මුදලක් ගෙවීමට කටයුතු කළ බවයි.
ඒ අනුව සම්පූර්ණ මුදල මේ වන විට ඔහු ගෙවා අවසන් කර තිබෙන බවයි නීතිඥවරුන් පවසන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කෙරුණා.
ඒ වෙනුවෙන් ඔහුට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබුණේ.