ගලපිටමඩ, ලෙවන්ගම ප්රදේශයේදී නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය පවසනවා.
මුදල් ආරවුලක් හේතුවෙන් අදාළ සැකකරු, බිරිඳ සහ බිරිඳගේ මව අතර පළමුව බහින්බස් වීමක් සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී සැකකරු බිරිඳගේ මවට ගලකින් පහරදී ඝාතනය කර තිබුණා.
සැකකරුගේ බිරිඳ සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබුණේ ඉන් පසුවයි.
සිද්ධියට සම්බන්ධ 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව ගලපිටමඩ පොලීසිය පවසනවා.