Sunday, November 17, 2024

General line - 0115112241

තලතා අතුකෝරළ සජබයේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙද්දී කරුණාදාස කොඩිතුවක්කු සජබයට යයි.




තමන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ අද ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.


එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී සමගි ජන බලවේගය නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරිය මෙලෙස අදහස් පළ කළා.


මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්ව තරඟ කළ යුතු බව තමාගේ මතය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මෙහිදී පැවසුවා.


මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිස ඩලස් පාර්ශවය නියෝජනය කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද සමගි ජන බලවේගය හා එක්වීමට තීරණය කළා.

ඒ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.


මේ අතර, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන්. 


පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.