Sunday, November 17, 2024

General line - 0115112241

වියදම් සීමා ගැන ජනපති අපේක්ෂකයින් පිරිසක් අධිකරණයට




ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා පනවා ඇති වියදම් සීමා සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව අභිනව නිවහල් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ඕෂල හේරත් පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.


මෙම වැඩසටහනට එක් වූ අපේ ජනබල පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න පැවසුවේ අන් කවරදාකටත් වඩා මෙවර ජනතාවට වැඩි බලයක් ලැබී ඇති බවයි.  


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.