Sunday, November 17, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි




නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර් ඒ එම් එල් රත්නායක සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් මාසය මුලදී ආරම්භ කරන බවයි. 


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සිදු වන්නේ රජයේ මුද්‍රණාලයේදීයි.

ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේයි.

අපේක්ෂකයින් 39 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 27ක් පමණ වනු ඇති බවටයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් ඒ එම් එල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.