Sunday, November 17, 2024

General line - 0115112241

ගිං ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගිං ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය - දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම සහ බොපේ - පෝද්දල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපා ඇති නායයෑම් තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි හේමසිංහ පවසනවා. 


මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75කට වඩා වැඩි වැසි අපේක්ෂා කරන බවයි.