Sunday, November 17, 2024

General line - 0115112241

බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය යයි




ඉරානයේ යස්ඩ් හිදී පාකිස්තාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

7 වන සියවසේදී මියගිය ෂියා සාන්තුවරයෙකු අනුස්මරණය කිරීම සඳහා පකිස්ථානයේ සින්ද් පළාතේ සිට ඉරානය හරහා ඉරාකය බලා යමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණ දි තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරට ලැජ්\කවන අවස්ථාවේදී මගීන් 50ට අධික පිරිසක් බස් රථයේ  සිට ඇති අතර තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බස් රථය පෙරලි  ගොස් ටාෆ්තාන්-ඩෙෂිර් මුරපොළ අසලදී ගිනිගෙන ඇති බවයි 

මෙම අනතුරින් එම ස්ථානයේදීම කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් මගීන් 23 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

බරපතල තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකු රෝහල් ගත කිරීමන් පසු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ