Sunday, December 29, 2024

General line - 0115112241

පකිස්තාන පාර්ලිමේන්තුවේ මීයන් එළවන පුද්ගලයෙකුට ලක්ෂ 12ක්




මීයන් නිසා පකිස්තානයේ පාර්ලිමේන්තුවට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.

මෙම උවදුර උත්සන්න වීම හේතුවෙන් මීයන් ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 1යි දශම 2ක මුදලක් වාර්ෂික අයවැයෙන් වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ගැටලුව පවතින්නේ 2008 සිට බවටයි දැන් වාර්තා වන්නේ.

මීයන් පලවා හැරීම සඳහා පළිබෝධ පාලන සමාගමක් සොයා ගැනීමට පාකිස්තාන පුවත්පත් කිහිපයක දැන්වීම් ද පළ කර තිබුණා.

එහෙත් මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ දෙදෙනෙකු පමණි.