Sunday, November 17, 2024

General line - 0115112241

කෙහෙළියගේ ප්‍රතිශෝධන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීමට දින නියම වෙයි

උදය කුමාර




ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවයි.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ලක්මිනී ගිරිහාගම සඳහන් කළේ අදාළ පෙත්සම සඳහා විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ විරෝධතා සැප්තැම්බර් මස 12 වැනි දා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු වරයා විසින් නියෝග කළා.

අදාළ ප්‍රතිශෝධන පෙත්සම කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.