සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 78 වන වියේ පසුවුණා. එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
දශක තුනකට අධික කාලයක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු වශයෙන්ද ජයන්ත ද සිල්වා මහතා කටයුතු කළා.
දුප්පත් දරුවන් රැසකට අත්වැලක් ලබා දුන් ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහනේ නිර්මාතෘ වන්නේද අභාවප්‍රාප්ත ජයන්ත ද සිල්වා මහතායි.