නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, විකිණීම සඳහා සූදනම් කර තිබූ විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම සතුන් වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සඟවා ගෙන සිටියදීයි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අලෙවිසැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙක්.
ඔවුන් එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට අධික මිළකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.
සිය ගමන් මලු තුළ සගවා ගෙන එම සතුන් මෙරටට රැගෙන එන්නට ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.