පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනමා ඇතැයි වාර්තා වනවා.
කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත්තේ අලි සාහීර් මව්ලානාටයි.
වඩිවෙල් සුරේෂ්, කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බවයි පැවසෙන්නේ.
අලි සාහීර් මව්ලානා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
පසුව ඔහු තීරණය කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමටයි.
වඩිවෙල් සුරේෂ්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහුද සහය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි.